මිය ගිය ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයාට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලමින් ධවල මන්දිරය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර අද දිනයේද ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
යුක්තිය නොමැති නම් සාමයක් නොමැති බව පවසමින් ධවල මන්දිරය ඉදිරිපසට රැස් වූ දහස් ගණනක් කළු ජාතිකයින් විරෝධතාවේ යෙදෙන ආකාරය මාධ්‍ය අද වාර්තා කළා. පොලීසිය ආරක්ෂා කරන්නේ අපරාධකරුවන්ද එසේත් නැත්නම් සාමාන්‍ය ජනතාවද යන්න ඔවුන් මෙහිදී ප්‍රශ්න කර සිටියා.විරෝධතාකරුවන් ධවල මන්දිරයේ ඉදිරිපසට රැස්වීමත් සමඟින් එහි ආරක්ෂාව දැඩි කිරීමටයි ආරක්ෂක අංශ පියවර ගෙන ඇත්තේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආරක්ෂිත බංකරයකට රැගෙන යාමට පියවර ගෙන ඇති බව පසුගියදා වාර්තා වුණා.
The post කළු ජාතිකයාට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලමින් ධවල මන්දිරය ඉදිරිපිට විරෝධතා appeared first on ITN News.
Post a Comment