Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මගී ප‍්‍රවාහනයට තාවකාලික පදනම යටතේ බස් රථ ලියාපදිංචි කිරිම අද සිට  

Add comments

මගී ප‍්‍රවාහනයට තාවකාලික පදනම යටතේ බස් රථ ලියාපදිංචි කිරිම අද (03) ආරම්භ වනවා. ජාතික ගමනා ගමන කොමිසම හෝ ලංකා ගමනා ගමන මණ්ඩලය මගීන් ලියාපදිංචිය සිදුකරන බවයි ප‍්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කළේ.

ලබන සඳුදා (08) සිට ප‍්‍රවාහන සේවා සියල්ල සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම කෙරෙහි රජයේ අවධානය වුණා. කෙසේ වෙතත් නව්‍ය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ආසන ගණනට පමණක් මගීන් ප‍්‍රවාහනය අනිවාර්ය කර තිබෙනවා. ඒ අනුව දැනට ප වතින බස් රථ ප‍්‍රමාණවත් නොවිය හැකි බැවින් පෞද්ගලික හා ලංගම බස් රථ උපරිමයෙන් ධාවනය කිරිමට අමතරවයි නව ලියාපදිංචිය ආරම්භ කෙරෙන්නේ.

පාසල් ප‍්‍රවාහන බස් රථ , විනෝද හා වන්දනා ගමන් සදහා යොදාගෙන ඇති බස් රථ මෙන්ම ලියාපදිංචි පොරෝත්තු ලේඛනයේ ඇති සියලු බස් රථ තාවකාලිකව මගී ප‍්‍රවාහනයට යොදා ගැනීමට ප‍්‍රවාහන අමාත්‍යාංශය තීරණය කළා.

The post මගී ප‍්‍රවාහනයට තාවකාලික පදනම යටතේ බස් රථ ලියාපදිංචි කිරිම අද සිට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG