කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි නගරයට වැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.
රාජ්‍ය හා පෞද්ගලික වෛද්‍ය අංශ එක්ව කටයුතු නොකිරීම හේතුවෙන් දිනෙන් දින රෝගීන් වැඩිවන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. දිල්ලි නගරයට වඩා හොදින් ගම්මානවල කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කර ඇති බව සඳහන්. ඊයේ දිනයේ රෝගීන් විසිදහසක වැඩි සංඛ්‍යාවක් එරටින් වාර්තා වුණා. වෛරසයේ උපරිම තත්ත්වයට ඉන්දියාව ළගාවීමට තව සති කිහිපයක් ගතවිය හැකි බව පවසන වෛද්‍ය අංශ ජුලි මාසය අග වනවිට රෝගීන් මිලියනයකට වැඩි සංඛ්‍යාවක් වාර්තා විය හැකි බව ද පවසනවා.
The post කොරෝනා හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි නගරයට වැඩි බලපෑම් appeared first on ITN News.
Post a Comment