වසර සියයකට පසු නිසාර්ගා සුළි කුණාටුවෙන් මුම්බායි නගරයට දැඩි බලපෑම් එල්ලව තිබෙනවා.
අද (03) පස්වරුව වන විට නිසාර්ගා සුළි කුණාටුව ගුජරාට් සහ මහාරාෂ්ඨ වෙරළ තීරය දෙසට ළඟාවනු ඇති බවටයි ඉන්දිය කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙන්නේ.
ඉදිරි පැය 12ක කාලය තුළ අධික වර්ෂාපතනයක් සහ පැයට කිලෝ මීටර් සියයක සුළං ද අපේක්ෂා කෙරෙනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කොරෝනා ආසාදිතයන් ඇතුළු පුද්ගලයින් දස දහසකට අධික පිරිසක් ආරක්ෂක ස්ථාන වෙත යොමුකර ඇති බවයි ඉන්දිය වාර්තා සදහන් කළේ.
The post වසර සියයකට පසු නිසාර්ගා සුළි කුණාටුවෙන් මුම්බායි නගරයට දැඩි බලපෑම් appeared first on ITN News.
Post a Comment