මාලිගාවත්ත පොලිස් වසමේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් පොලිස් පරික්‍ෂණ ක්‍රියාත්මකයි.
මේ වන විටත් සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කළා.
මාලිගාවත්ත ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේදී පසුගිය 30 වනදා සිදු වූ වෙඩි තැබීමකින් 35 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලැබුවා. ඔහු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. සිද්ධිය සම්බන්ධයෙන් පරික්‍ෂණ පැවැත්වූ පොලීසිය එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තේ පසුගිය 31 වනදායි. පසුගිය 2 වනදා තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරුණා.
රැදවුම් නියෝග මත සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරික්‍ෂණ ක්‍රියාත්මක කිරීමටයි මාලිගාවත්ත පොලීසිය පියවර ගෙන ඇත්තේ.
මේ අතර පසුගිය 29 වනදා ගල්කිස්ස සොයිසාපුර හෝටලයකට මෝටර් රථයකින් පැමිණ වෙඩි තබා පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ද තවදුරටත් පරික්‍ෂණ ක්‍රියාත්මකයි.
සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 225 ක් සොයා ගැනුණා. සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පොලීසිය පියවර ගෙන ඇත්තේ.
The post මාළිගාවත්තේ වෙඩි තැබීමේ සිද්ධියට අදාල 03දෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment