පොලිස් අත්අඩංගුවේ සිට ජීවිතක්ෂයට පත් වූ කලු ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ වර්ධනය වෙමින් පවතින නොසන්සුන්තාව මැඩ පැවැත්වීම සඳහා හමුදා අංශ යොදවන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබෙනවා.
ඇමෙරිකාවේ නගර හා ප්‍රාන්ත පුරා පැවැත්වෙන විරෝධතා පාලනය කිරීම සහ නිවැසියන් ආරක්ෂා කිරීමට පොලීසියට නොහැකි වුවහොත් හමුදාව යොදවා පවතින ගැටලුව ඉක්මනින් විසදීමට කටයුතු කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. කලු ජාතිකයකු වන 46 හැවිරිදි ජෝර්ජ් ෆ්ලොයිඩ් පසුගිය 25 වනදා පොලිස් නිලධාරීන් අතින් ඝාතනයට ලක් වීමත් සමඟ රට පුරා විරෝධතා ආරම්භ වුණා. මේ වන විට 07 වන දිනයටයි ප්‍රධාන නගරවල ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන්නේ. වොෂින්ටන් නුවර ඇඳිරිනීතිය තවත් දින දෙකක් දීර්ඝ කිරීමටත් බලධාරීන් කටයුතු කර තිබෙනවා.
The post විරෝධතා මැඩ පැවැත්වීමට හමුදා අංශ යොදවන බවට ට්‍රම්ප් තර්ජනය කරයි appeared first on ITN News.
Post a Comment