Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලබන අගෝස්තු මාසයේ සිට ඉඩම් ලියාපදිංචියට නව ක‍්‍රමවේදයක්  

Add comments

ඉඩම් ලියාපදිංචි කිරිම සඳහා නව ක‍්‍රමවේදයක් ලබන අගෝස්තු මාසයේ සිට හදුන්වාදෙන බව රෙජිස්ට‍්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

දැනට ලියාපදිංචි කිරීම් කටයුතු සිදුවන්නේ 1864 සිට ක‍්‍රියාත්මක බව සාම්ප‍්‍රදායික ක‍්‍රමවේදයටයි. කූඨ ලේඛන සැකසීම වැනි අයථා ක‍්‍රියා වැලැක්වීමට නව ක‍්‍රමවේදයෙන් හැකිවන බවයි රෙජිස්ට‍්‍රාර් ජනරාල් එන් සී විතානගේ මහතා පවසන්නේ.

ඉඩමක් සම්බන්ධයෙන් සිදුවන සෑම ගණුදෙනුවක් අවසානයේදීම පාස් පොතක් වැනි ලේඛනයක් ලබාදීමට නව ක‍්‍රමවේදයෙන් අපේක්ෂා කරන බවද විතානගේ මහතා සදහන් කළා.

මෙම ක‍්‍රමවේදයත් සමඟ ගැටලු රැසකට විසදුම් ලැබෙන බවයි රෙජිස්ට‍්‍රාර් එන් සී විතානගේ මහතා පෙන්වා දෙන්නේ.

The post ලබන අගෝස්තු මාසයේ සිට ඉඩම් ලියාපදිංචියට නව ක‍්‍රමවේදයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG