දිස්ත‍්‍රික් 21 ක ඡන්ද පත‍්‍රිකා මුදුණය කර අවසන් කර තිබෙනවා.
හෙට (28) දිනය වනවිට සියලු ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය අවසන් කිරිම අරමුණ බවයි මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මහත්මිය ප‍්‍රකාශ කළේ. මුද්‍රණය කිරිමෙන් පසු සියලු කටයුතු අවසන් කිරිමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවයි ඇය පවසන්නේ.
මේ අතර මැතිවරණ කොමිසම ලබන අඟහරුවාදා යළි රැස්වනවා. ඒ ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව දීර්ඝ කිරිම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට. මහ මැතිවරණයට අදාල පෙරහුරු අත්දැකීම් සාකච්ඡා කිරිමට විශේෂ හමුවක් ද කැදවා ඇති අතර, සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සහ තේරිම් භාර නිලධාරින් ඊට සහභාගීවීමටයි නියමිත.
අගෝස්තු මස පස්වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාල පෙරහුරු ඡන්ද ගණන් කිරීමේ වැඩසටහන් දෙකක් ද අද (27) පැවැත්වෙන බව මැතිවරණ කොමිසම ප‍්‍රකාශ කළා. ඒ මහනුවර සහ කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවලදී. සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද අනුව ඡන්ද ගණන් කිරිම පිලිබද අවබෝධයක් ලබාගැනීම එහි අරමුණ වී තිබෙනවා.
The post ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය හෙට අවසන් appeared first on ITN News.
Post a Comment