Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මලාවි විපක්ෂ නායක ජනාධිපති ධුරයට  

Add comments

මලාවි විපක්ෂ නායක ලාසරස් චක්වේරා ජනාධිපති ධුරයට පත්ව තිබෙනවා.

58.57% ක ඡන්ද ප්‍රතිශතයක් ඔහු ලබාගෙන තිබෙනවා. දැනට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ පීටර් මුතරිකා ලබාගෙන ඇත්තේ 40 %කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 65 හැවිරිදි චක්වේරා මලාවි රාජ්‍යයේ ඉතා දිළිඳු පවුලක උපත ලැබූ දේවගැතිවරයෙක් වනවා. 2013 වසරේ දේශපාලනයට පිවිසි ඔහු 2014 වසරේ සහ 2019 වසරවල ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වුවද දෙවන ස්ථාන ලබා ගැනීමටයි සිදුවුනේ. මලාවි රාජ්‍ය යේ මේ වනවිට කොරෝනා රෝගීන් දහසකටආසන්න සංඛ්‍යාවක් වාර්තාවන අතර මරණ 13 ක් වාර්තා වනවා. කොරෝනා අවධානම දැඩිව පවතිද්දී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිත කරමින් ඡන්ද විමසීම පැවැත්වීමටයි එරට මැතිවරණ බලධාරීන් ක්‍රියා කළේ.

 

 

 

The post මලාවි විපක්ෂ නායක ජනාධිපති ධුරයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG