Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දීය ජනතාව චීන භාණ්ඩ ප්‍රතික්ෂේප කරයි  

Add comments

ඉන්දියාව සහ චීනය අතර ඇතිවී තිබෙන මතබේදකාරී තත්ත්වය හේතුවෙන් චීන භාණ්ඩ ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය ජනතාව පෙළඹී තිබෙනවා.

ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට රැස්වූ උද්ඝෝෂකයින් කණ්ඩායමක් චීන භාණ්ඩ ගිනි තබමින් සිය විරෝධය පළකරන ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකර තිබුණා. ඉන්දු චීන දේශසීමාවල ඇතිවූ ගැටුම්වලින් පසු ඉන්දීය සෙබලුන් විසි දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 70 ට වැඩි පිරිසක් තුවාල ලැබීම හේතුවෙන් ඉන්දියාව තුළ චීනයට එරෙහි ප්‍රබල විරෝධයක් ගොඩනැගුණා. චීනය සිය දේශසීමා ආරක්ෂාව සඳහා සටන් ක්‍රම පිළිබඳ විශේෂ පුහුණුවක් ලැබූ සොල්දාදුවන් කණ්ඩායමක් ඉන්දීය දේශසීමාවට එවීමත් සමඟයි ගැටුම්කාරී තත්ත්වය ඇතිවුණේ. මෙම ප්‍රදේශයේ නව ගොඩනැගිලි ඉදිකිරීමද දෙපාර්ශ්වයෙන්ම සිදුවන බව චන්ද්‍රිකා දත්ත මඟින් තහවුරුවී තිබෙනවා.

 

 

 

 

The post ඉන්දීය ජනතාව චීන භාණ්ඩ ප්‍රතික්ෂේප කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG