මත්කුඩු සහ මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් ඊයේ (02) දිනයේද ක්‍රියාත්මක කෙරුණා. ඒ පයාගල, බොරැල්ල, ගල්කිස්ස, පූගොඩ, ආදී ප්‍රදේශවලදීයි.
වැලිකඩ බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය රැගෙන යාමට උත්සාහ කළ කාන්තාවක ද අත්අඩංගුවට ගැනුනේ හොරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමගයි. ඇය වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවක බවයි පොලිසිය පවසන්නේ.
මේ අතර කළුතර බන්ධනාගාරයේ සිට මෙහෙයවූ හෙරොයින් ජාවාරමක් වටලා හෙරොයින් සමග පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. කළුතර දිසා දූෂණ මර්ධන ඒකකයි වැටලීම සිදුකළේ. සැකකරුවන් පයාගල, මැටියනමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
ජාවාරම මෙහෙයවා ඇත්තේ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් දැනට කළුතර බන්ධනාගාරයේ රදවා සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු බවයි පොලිසිය පවසන්නේ. සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
The post වැලිකඩ බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය රැගෙන යාමට උත්සාහ කළ කාන්තාවක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment