Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා වෛරසයට රට ආක්‍රමණය කිරීමට කිසිසේත් ඉඩ තැබුවේ නැහැ – උතුරු කොරියා නායක  

Add comments

කෝවිඩ් නයින්ටීන් වෛරසයට තම රට ආක්‍රමණය කිරීමට තමා කිසිසේත් ඉඩ නොදුන් බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් පවසනවා.

ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශකර තිබෙනවා. වෛරස් ව්‍යාප්තිය සීඝ්‍රයෙන් මුළු ලොවම වෙලා ගනිද්දි ක්ෂණිකවම  ඊට ප්‍රතිචාර දැක්වූයේ එහි ප්‍රතිවිපාක තම රට වැසියන්ට අත් විදිමට ඉඩ නොදීමේ අරමුණෙන් බවයි ඔහු පවසන්නේ.

වෛරස ව්‍යාප්තියේ ආරම්භයේ සිට මේ දක්වාම තම රටේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකළ යුතු ආරක්ෂක වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක බව ඔහු ප්‍රකාශ කරනවා.

ඒ යටතේ අදාළ පරික්ෂණ, දේශ සීමා නිරික්ෂණ කටයුතු සියල්ල තම අධීක්ෂණය යටතේ සිදුකරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

The post කොරෝනා වෛරසයට රට ආක්‍රමණය කිරීමට කිසිසේත් ඉඩ තැබුවේ නැහැ – උතුරු කොරියා නායක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG