චීනයේ රහස්‍ය නියෝජිතයෙකු ලෙස සේවය කිරීම සම්බන්ධයෙන් සිංගප්පූරු ජාතිකයෙකු ඇමෙරිකාවේදී වරද පිළිගෙන තිබෙනවා.
චීන බුද්ධි අංශවලට තොරතුරු රැස් කිරීමේ අරමුණින් ඇමෙරිකාවේ දී සිය දේශපාලන උපදේශනයන් භාවිත කිරීම සම්බන්ධයෙන් ජූන් වේ යෝට එරෙහිව මෙලෙස චෝදනා එල්ලවී ඇති බවයි ඇමෙරිකා බලධාරීන් සදහන් කරන්නේ.
මෙම තත්ත්වය හේතුවෙන් චීනය සහ ඇමෙරිකාව අතර පවතින අර්බුදය තවදුරත් උග්‍ර අතට හැරී තිබෙනවා. චීනය මීට පෙර එරට චෙංඩුහි ඇමෙරිකා කොන්සල් කාර්යාලය වසා දැමීමට නියෝග කළා.
ඊට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකාව හූස්ටන්හි චීන කොන්සල් කාර්යාලය වසා දැමීමටයි පියවර ගත්තේ.
The post චීන රහස් ඔත්තුකරුවෙකු ඇමෙරිකාවේදී වරද පිළිගනී appeared first on ITN News.
Post a Comment