ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය තුළ මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය කරමින් නියෝගයක් නිකුත්කර තිබෙනවා.
ආණ්ඩුකාර ග්‍රෙග් ඇබර්ට් පවසන්නේ ප්‍රාන්තය තුළ ආසාදිතයින් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
නැවත වරක් ප්‍රාන්තය වසා දැමීම තුළින් ආර්ථිකය කඩා වැටීමට කිසිදු ලෙසකින් ඉඩ නොතබන බව ආණ්ඩුකාරවරයා තවදුරටත් පවසනවා.
ටෙක්සාස් ප්‍රාන්තයෙන් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා වූ අතර එම සංඛ්‍යාව අටදහස ඉක්මවා ඇති බවයි ඔහු නිවේදනය කරන්නේ.
හෙටට යෙදී ඇති ඇමෙරිකාවේ නිදහස් දින සැමරුම් සදහා ද සීමාවන් පනවා තිබෙනවා.
The post ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට විශේෂ නියෝගයක් appeared first on ITN News.
Post a Comment