Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වර්ෂා සහිත කාලගුණය සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක කීපයකම ඩෙංගු අවදානමක්  

Add comments

පවතින වර්ෂා සහිත කාලගුණය සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක කීපයකම ඩෙංගු රෝගීන් වැඩි වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.

වැඩි අවදානම් ප්‍රදේශවල මේ වර්ෂයේ ප්‍රථම කාර්තුවට වඩා දෙවන කාර්තුවේ කීට විද්‍යා දර්ශකවල විශාල වැඩිවීමක් පෙන්නුම් කිරීම අවධානයට ලක් විය යුතු කරුණක් වෙයි. මේ අතර කොළඹ මහ නගර සභා සීමාව තුළ ආයතන අතරින් ,ආයතන 50% කට වැඩි සංඛ්‍යාවකම ඩෙංගු මදුරු කීටයින් හමුවී ඇත .

නිසි පරිදි අවශ්‍ය මදුරු මර්දන කටයුතු සිදු නොකළහොත් මෙම අවදානම් තත්වය වර්ෂාවත් සමගම තව දුරටත් ඉහළ යා හැකි බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වාදෙයි.

මේ වන විට හඳුනා ගත් අධි අවදානම් සහිත දිස්ත්‍රික්ක හා ප්‍රදේශ ලෙස කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය,කොළඹ, ගම්පහ ,

කළුතර,මහනුවර , ගාල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක ප්‍රධාන වෙයි.

මෙම අධි අවදානම තත්වය වසංගත තත්වයක් දක්වා වර්ධනය වීම වළක්වා ගැනීමට අදාළ ප්‍රදේශවල මදුරු මර්දන කාර්‍යයන් වැඩි අවධානයක් සහිතව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජාතික ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරයි.

The post වර්ෂා සහිත කාලගුණය සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක කීපයකම ඩෙංගු අවදානමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG