Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අධ්‍යාපන පද්ධතියේ සියලු සේවාවන්හි වෘත්තිකයින්ට ජාතික මට්ටමේ වෘත්තිය හැදුනුම්පතක්  

Add comments

අධ්‍යාපන පද්ධතියේ සියලු සේවාවන්හි වෘත්තිකයින්ට ජාතික මට්ටමේ වෘත්තිය හැදුනුම්පතක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා.

රටේ අනාගතය වන හතලිස්පන්ලක්ෂයට අධික සිසු දරු දැරියන් වෙනුවෙන් වෘත්තීය දිවිය කැප කරන පාසල් ගුරුවරුන් විදුහල්පතිවරුන්,  ගුරු උපදේශකවරුන්,  ගුරු අධ්‍යාපනඥයින් මෙන්ම අධ්‍යාපන පරිපාලන නිලධාරීන් සදහා මෙම හැදුනුම්පත ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසන්නේ.

ඔවුන්ගේ ගෞරවනීය වෘත්තීමය අනන්‍යතාව වෙනුවෙන් මෙම පියවර ගන්නා බව ද  අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා. වෘත්තිය හැදුනුම්පත නවීන තාක්ෂණයෙන් නිර්මාණය වන අතර ඉන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරතවන වෘත්තිකයින්ට සහන සේවා රැසක් ලබා දීමට ද සැලසුම්කර තිබෙනවා.

 

 

 

The post අධ්‍යාපන පද්ධතියේ සියලු සේවාවන්හි වෘත්තිකයින්ට ජාතික මට්ටමේ වෘත්තිය හැදුනුම්පතක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG