රජයටත් ආරක්ෂක අංශවලට මෙන්ම සමස්ත ජනතාවට සෙත්පතා ඓතිහාසික අභයගිරි චෛත්‍ය අභියසදී බහිරව දේව පූජා මංගල්‍යයක් පැවැත්වුණා. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීණ්වහන්සේගේ අනුශාසකත්වයෙනුයි එම කටයුතු සිදු කෙරුණේ.
33 වන වරට පැවති දේවපූජා මංගල්‍යයෙදී අලෝක පූජා සහ ශබ්ද පූජා පැවැත්වීමෙන් අනතුරුව සෙත් ප්‍රාර්ථනා කිරීම සෙත් ප්‍රාර්ථනා කිරීම සිදු කෙරුණා. අභයගිරි චෛත්‍යාරාමාධිපති කල්ලන්චියේ රත්නසිරි ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් පැවති මෙම අවස්ථාවට රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහාසංඝරත්නය වැඩම කර සිටියා. පෙරහැර වීදි සංචාරය කිරීමෙන් පසු බුද්ධ පූජා කටයුතු සහ විෂ්ණු දේව පූජාව පැවැත්වුණා. වාර්ෂික කිරී ඉතිරීමේ මංගල්‍ය සහ බහිරව දානය පිළිගැන්වීමෙන් පසු පිංකම නිමාවට පත් කෙරුණා.
The post අභයගිරි චෛත්‍ය අභියසදී බහිරව දේව පූජා මංගල්‍යයක් appeared first on ITN News.
Post a Comment