Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මිලේනියම්සිටි නඩුවෙහි වැඩිදුර විභාගය දෙසැම්බර් 17  

Add comments

අතුරුගිරිය මිලේනියම්සිටි බුද්ධි නිවස්නය වැටලීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොල මහතාට එරෙහි නඩුවෙහි වැඩිදුර විභාගය දෙසැම්බර් 17 වනදා කැදවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.

මිලේනියම්සිටි නිවාස සංකීර්ණයේ යුද හමුදා බුද්ධි අංශය පවත්වාගෙන ගිය ආරක්ෂක නිවාසයක් වටලා බුද්ධි අංශ සාමාජිකයන් සහ එහි තිබූ අවි ආයුධ අත්අඩංගුවට ගැනීම තුළින් රාජ්‍ය ආරක්ෂාව අනතුරේ හෙලා ස්වෛරීභාවයට හානි සිදුකළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයායි මෙම නඩුව ගොනුකර ඇත්තේ.

ඇප මත සිටින හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොල මහතා අධිකරණය හමුවේ අද 925) පෙනී සිටියා.

මෙහි වැඩිදුර විභාගය සිදුවන දෙසැම්බර් 17 වනදාට යුද හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණ මහතාගෙන් සාක්ෂි විමසීමට නියමිතයි.

 

 

The post මිලේනියම්සිටි නඩුවෙහි වැඩිදුර විභාගය දෙසැම්බර් 17 appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG