Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදේශ සේවා නියුක්ති කාර්යාංශය කිසි සේත්ම වසා දමන්නේ නෑ  

Add comments

විදේශ සේවා නියුක්ති කාර්යාංශය කිසිදු විටක වසා දැමීමට කටයුතු නොකරන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා අවධාරණය කරයි.

විවිධ සමාජ ජාලා මඟින් මේ දිනවල කාර්යාංශය වසා දැමීමට ආසන්න බවට සාවද්‍ය කරුණු ඇතුළත් පුවත් පළ කළ ද එවායේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා කාර්යාංශය වසා දැමීමේ ස්ථාවරයක නොසිටින බවද සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ බස්නාහිර පළාත් විදේශ රැකියා නියෝජිත ආයතන හිමියන් සමඟ ඊයේ (24) පැවති සාකච්ඡාවකට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී එක්වෙමිනි. විදේශ රැකියා ක්ෂේත්‍රය කොවිඩ් වසංගතය හේතුවෙන් පසුබෑමකට පත්වීම හේතුවෙන් අපහසුතාවයට පත් විදේශ රැකියා නියෝජිත ආයතන වල ගැටළු පිලිබඳව සාකච්ඡා කිරීමට මෙය සංවිධානය කර තිබුණි. මෙහිදී විදේශ රැකියා නියෝජිතායතන හිමියන් විසින් යෝජනා 34 ක් රාජ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ අතර මූල්‍ය අපහසුතාවයට පත් රැකියා නියෝජිතායතන පවත්වාගෙන යාම සදහා 4% ක පොළී යටතේ රජයෙන් ණය මුදල් ලබා ගැනීමට වූ යෝජනාවක් ද ඊට ඇතුළත් වේ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පවුල් පසුබිම් වාර්තාව ලබා දීම සදහා එකිනෙකට වෙනස් නිර්නායක භාවිතා කරන බැවින් ඉදිරියේදී සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම බලපාන එකම නිර්නායක ඛාණ්ඩයන් ප්‍රකාශයට පත් කරන බවයි. එමඟින් විදේශ රැකියාලාභීන්ට මෙන් රැකියා නියෝජිතායතන වලටද පහසුවක් වන බව සඳහන් කළේය.

විදේශ රැකියා සඳහා පිරිස් යොමු කිරීමේදී විවිධ ජාවාරම් සිදු වන අතර, සංචාරක වීසා මඟින් රැකියා සඳහා ශ්‍රමිකයන් යොමු කිරීමේ ජාවාරමද ඉතාම ඉක්මණින් නතර කරන බවත්, ඊට සම්බන්ධ වූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.අරුමෙයිනායගම්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ යන මහත්වරුන්ද එක්විය.

The post විදේශ සේවා නියුක්ති කාර්යාංශය කිසි සේත්ම වසා දමන්නේ නෑ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG