පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් කේරල ගංජා මිශ්‍ර කළ මත්ගුලි බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයකු කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීමේ ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිල්ලර වෙළදසැලක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම පුද්ගලයා මත්ගුලි ජාවාරමේ නිරත වී තිබෙනවා. 52 වන වියේ පසුවන ඔහු දීර්ඝ කාලයක් පුරා මෙම ජාවාරම සිදු කර ඇති බවයි පොලීසිය පවසන්නේ. පාසල් දරුවන් හා බාලවයස්කරුවන් වෙනුවෙන් අලෙවි කිරීමට සූදානම් කර තිබූ මත්ගුලි 600 ක් ඔහුගේ වෙළදසැලේ තිබී පොලීසිය සොයා ගත්තා.
මෙම මත්ගුලි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 02 ක් පමණ වන බවයි වාර්තා වන්නේ.
The post පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මත්ගුලි බෙදා හැරීමේ නිරත පුද්ගලයකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment