Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉදිරියේ දී මත්තලින් රට රැකියා වලට පිටත් වන අයට වට්ටම්  

Add comments

ඉදිරියේ දී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට වට්ටම් ලබා දීමට රජය සුදානම් වෙයි.

මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සාකච්ඡා කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංඛ්‍යාලේඛන අනුව වාර්ෂිකව දිවයිනෙන් විදේශ රැකියා සදහා පිටව යන සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවයි. ඉන් 20% පමණ මත්තල ගුවන් තොටුපළ ආශ්‍රිත දිස්ත්‍රික්ක 09 කින් පිටත්ව යන බව අධ්‍යනයකින් හෙළි වී තිබේ. එම දිස්ත්‍රික්ක වන්නේ ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල, බදුල්ල, අම්පාර, රත්නපුර, කල්මුණේ, මඩකලපුව යන දිස්ත්‍රික්කයි.

මෙම යෝජනාව සදහා කැබිනට් අනුමැතිය හිමි වු බවත් ඒ අනුව අදාළ සාකච්ඡා පැවැත්වෙන බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.කොවිඩ් 19 හේතුවෙන් මේ වන විට ගුවන්තොටුපළ වසා තිබුණ ද නැවත ගුවන්තොටුපළ විවෘත කිරිමත් සමග රැකියා සදහා විදෙස්ගත වීම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.ඒ සදහා කාලයක් ගත විය හැකි වුවද එලෙස විදෙස්ගත වන ශ්‍රමිකයන් සංඛ්‍යාව යථා තත්ත්වයට පත්වන විට මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇති බව ද ඇමතිවරයා කියයි.

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සක්‍රීය ගුවන් තොටුපළක් බවට පත් කිරිම වත්මන් රජයේ ප්‍රමුඛ අපේක්ෂාවයි. කොවිඩ් 19 හේතුවෙන් වසා දමා ඇති ගුවන් තොටුපළ නැවත විවෘත කිරිමේ දි මත්තල ගුවන් තොටුපළ සදහා ද වෙනම වැඩපිළිවෙලක් සංචාරක අමාත්‍යාංශ ඇමති මණ්ඩලයට දැනටමත් නිර්දේශ කර තිබේ. ඒ අනුව දැනට කොවිඩ් 19 අවධානමට වැඩි වශයෙන් ලක් ව ඇතැයි හදුනාගෙන ඇති රටවල ගුවන් මගීන් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ හරහා දිවයිනට ගෙන්වා ගැනීමට සැලසුම් කර තිබේ.

එය සිදු කෙරෙන්නේ සෞඛ්‍ය අංශවල පූර්ණ අධික්ෂණය යටතේයි. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලෝකයේ විවිධ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීමේදී ද මත්තල ගුවන්තොටුපළ විශේෂ කාර්යභාරයක් ඉටු කරන බව පැවසු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ( 15) දක්වා ගුවන් ගමන්වාර 198 කින් මගීන් 8200 ක් මත්තල ගුවන්තොටුපළ හරහා දිවයිනට පැමිණ ඇතැයි ද කීවේය.

The post ඉදිරියේ දී මත්තලින් රට රැකියා වලට පිටත් වන අයට වට්ටම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG