Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා එන්නත ගැන ට්‍රම්ප්ගේ ප්‍රකාශය මුලුමනින්ම අසත්‍යයි -ජෝ බයිඩන්  

Add comments

ඉදිරි සති කිහිපය ඇතුළත කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් හදුන්වා දෙන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකරන ප්‍රකාශය මුලුමනින්ම අසත්‍ය ප්‍රකාශයක් බව  ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් සදහන් කරනවා.

නොවැම්බර් මාසයේදී පැවැත්වෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මෙවැනි අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පෙළඹී ඇති බවයි ජෝ බයිඩන් චෝදනා කරන්නේ. මේ හේතුවෙන් ඇමෙරිකාවේ සෞඛ්‍ය බලධාරීන් හා ජනාධිපතිවරයා අතර ද මතගැටුමක් ආරම්භ වී තිබෙනවා.

2021 වසරේ මැදභාගය වන තෙක් වෛරසයට එරෙහි එන්නත් පිළිබද බලාපොරොත්තු තබාගත නොහැකි බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරන්නේ.

කෙසේ වුවද මේ වනවිට ඇමෙරිකාවෙන් හමුව ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ හැටඅට ඉක්මවා ඇති අතර ගතවූ පැය 24 ට පමණක් එරටින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව හතලිස් හත්දහසකට ආසන්නයි.

The post කොරෝනා එන්නත ගැන ට්‍රම්ප්ගේ ප්‍රකාශය මුලුමනින්ම අසත්‍යයි -ජෝ බයිඩන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG