වෛරස ව්‍යාප්තිය හේතුවෙන් කඩාවැටුණු ආර්ථිකය හමුවේ ප්‍රංශය තුළ ක්‍රියාත්මක රැකියා හා වැටුප් කප්පාදුවට එරෙහිව එරට සෞඛ්‍ය සේවකයින් වැඩවර්ජනයක් ආරම්භකර තිබෙනවා.
රැකියා අහිමිවූ හා වැටුප් කප්පාදුවට ලක්වූ දහස් ගණනක පිරිසක් ඊයේ දිනයේ දී ප්‍රංශයේ පැරිස් නුවරදී විරෝධතා ව්‍යාපාරයක ද නිරත වුණා. ආරම්භ කළ වැඩවර්ජන හා විරෝධතා ව්‍යාපාර අඛණ්ඩව රටපුරා ක්‍රියාත්මක කරන බවටයි වෘත්තීය සමිති අනතුරු අගවන්නේ. අහිමි කළ රැකියා, වැටුප් හා විශ්‍රාම වැටුප් යළි ලබාදෙන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටිනවා.
හටගෙන ඇති උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සමාජ ආරක්ෂණ පද්ධතිය ද බිදදැමීමට කටයුතු කර ඇති බවට එම වෘත්තීය සමිති තවදුරටත් චෝදනා කරනවා.
The post ප්‍රංශයයේ රැකියා හා වැටුප් කප්පාදුවට එරෙහිව සෞඛ්‍ය සේවකයින් පාරට බසියි appeared first on ITN News.
Post a Comment