අගහිගකම් නිසා ජීවිතයේ අතරමං වීමට ගිය දරුවන් තුන්දෙනෙකුගේ අනාගතය දීප්තිමත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් වුණා.
මවගේ ඇස් නොපෙනීම හා දිනෙන් දින උග්‍ර වෙමින් පවතින අගහිගකම් හේතුවෙන් දරුවන් තුන්දෙනෙකුගේ අධ්‍යාපනය අතරමග නතර කිරීමට සිදුව ඇති බවට මාධ්‍ය මගින් පසුගියදා හෙළි කෙරුණා.
ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි නිරෝෂා ප්‍රියංගනී නමැති මව පත්ව ඇති මෙම අසරණ තත්ත්වය සැලවීමත් සමග අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී ඒල් පීරිස් මහතාගේ විශේෂ අවධානය ඒ කෙරෙහි යොමුවුණා. ඒ අනුව ඒක් දරුවෙකුට ඇයගේ දරුවන් තිදෙනාට ඔවුන් අධ්‍යාපනය ලබන රුපියල් දස දහසක මුදලක් ඊයේ දිනයේ සංඛේතාත්මකව පරිත්‍යාග කෙරුණා.
ඉදිරියේදී දරුවන් තුන්දෙනාගේම අධ්‍යාපන වියදම් දැරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාකරන බවයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ. රාජ්‍ය අමාත්‍ය සීබී රත්නායක මහතා ද ඒම අවස්ථාවට ඒක්වුණා.
The post දරුවන් තිදෙනෙකුට අතරමඟ නතරවෙන්නට ගිය පාසල් ගමන අධ්‍යාපන ඇමති අත්හිටුවයි appeared first on ITN News.
Post a Comment