රටට සෙත් පතා පිරිත් සජ්ඣායනයක් කතානායක නිල නිවසේ දී පැවැත්වුණා.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සංවිධායකත්වයෙන් කතානායක නිල නිවසේ පැවති පිරිත් සජ්ඣායනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගි වුණා. මැතිඇමතිවරුන් කිහිප දෙනෙකු ද මෙම පිංකමට එක්ව සිටියා.
මේ අතර රටට සෙත්පතා බෙලිඅත්තේ සිට කංකසතුන්රේ දක්වා ගමන් කරන විශේෂ දුම්රිය ඊයේ (25) පස්වරුවේ වේයන්ගොඩ දුම්රිය ස්ථානයට ළගාවුණා. පිරිත් සජ්ඣායනා කරමින් දුම්රිය ධාවනය කිරීම මෙවර පැවැත්වෙන්නේ තුන් වන වරටයි. මහාසංඝරත්නය සදහා අද පෙරවරුව් වේයන්ගොඩදී ධානය පිරිනැමීමේ පිංකමක් ද පැවැත්වුණා.
එමෙන්ම ඊයේ (25) රාත්‍රිය පුරා පිරිත් සජ්ඣායනාවක්ද එම දුම්රිය ස්ථානයේදී පැවැත්වුණා. ප්‍රදේශයේ විහාරස්ථානවල භික්ෂූන් වහන්සේ මේ සදහා වැඩම කර සිටියා.
The post පිරිත් සජ්ඣායනා කරමින් බෙලිඅත්තේ සිට කංකසතුන්රේ දක්වා විශේෂ දුම්රියක් ධාවනය කෙරේ appeared first on ITN News.
Post a Comment