දිවංගත එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 61 වන ගුණානුස්මරණ උත්සවය හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී පැවැත්වුණා.
බණ්ඩාරනායක සමාධියට පුෂ්පෝපහාර දැක්වීමෙන් ගුණසමරු උත්සවය ආරම්භ කෙරුණා. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
මේ අතර බණ්ඩාරනායක ගුණානුස්මරණ උත්සවයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (25) පැවැත්වුණේ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් මෙන්ම පක්ෂ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියා.
The post බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 61 වන ගුණ සැමරේ appeared first on ITN News.
Post a Comment