ඉන්දියාවේ සුප්‍රසිද්ධ ගායකයෙකු වන අභාවප්‍රාප්ත එස් පී බාලසුබ්රමනියම් මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු පෙරවරුවේ සිදුකෙරෙනවා.
ඒ තමිල්නාඩුවේ චෙන්නායි හිදී. බාලසුබ්රමනියම් මහතා අභාවප්‍රාප්තවී ඇත්තේ කොරෝනා වයිරසය ආසාදනයවීමෙන්. පසුගිය මාසයේදී කොරෝනා ආසාධනය වීමෙන් පසු ඔහු යථාතත්වයට පත්වු බවයි රෝහල් වාර්තා ප්‍රකාශ කළේ. එහෙත් ඇතිවු හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ඔහු අභාවප්‍රාප්ත වුණා.
1946 උපත ලැබූ බාල සුබ්‍රමනියම් මහතා පසුබිම් ගායකයෙක්, සංගිත අධ්යක්ෂවරයෙක්, රංගන ශිල්පියෙක්, හඩ කැවීමේ ශිල්පියෙක් සහ චිත්‍රපට නිෂ්පාදකයෙකු ලෙසද කටයුතු කළා. ඒ තෙලිගු, දෙමල, කන්නාඩ, හින්දි සහ මලයාලම් ක්ෂේත්‍ර වෙනුවෙන්. ඉන්දියාවේ භාෂා 16 කින් ගීත හතලිස් දහසකට වැඩි සංඛ්‍යාවක් ඔහු ගායනා කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඒ වෙනුවෙන් ගිනස් වාර්තාවක් පිහිටුවීමට ද ඔහුට හැකිවුණා.
ජනප්‍රිය චිත්‍රපටියක් වූ රෝජා චිත්‍රපටයේ රෝජා ජානේ මං ගීතය ඇතුලු ජනප්‍රිය ගීත රැසක් ඔහු ගායනා කළ ගීතවලට ඇතුලත්.
The post ලෝක ප්‍රකට ගායන ශිල්පී බාලසුබ්රමනියම්ගේ අවසන් කටයුතු පෙරවරුවේ appeared first on ITN News.
Post a Comment