පෞද්ගලික සමාගම් පාලනය කරන වතුවල දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම පිළිබද අවසන් යෝජනාව සති දෙකක් ඇතුළත ලබා දෙන ලෙස අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා එම වතු සමාගම්වලට දැනුම් දී තිබෙනවා.
මේ පිළිබද අවසන් තීරණාත්මක සාකච්ඡාව ලබන අට වනදා පැවැත්වෙන බවයි වෘත්තීය සමිති නියෝජිතයන් සමග කම්කරු දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් යන මහත්වරුන් සහ වෘත්තීය සමිති නායකයින් මෙන්ම වතු සමාගම් නියෝජිතයින් එම සාකච්ඡාවට සහභාගී වුණා.
The post වතු කම්කරු වැටුප් වැඩිකිරිම ගැන අවසන් යෝජනාව ලබාදීමට සති දෙකක කාලයක් appeared first on ITN News.
Post a Comment