Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාලගුණික විපර්යාස මෙන් කොවිඩ් ගැන ලෝකය සිතන්නේනම් මම එයට බිය වෙමි  

Add comments

කාලගුණික විපර්යාස පිළිබඳව ලෝකය වැඩි සැලකිල්ලක් නොදක්කන ආකාරයෙන්ම කොරෝනා වෛරසය පිළිබඳවත් කටයුතු කළහොත්  ඉදිරියේදී ඇතිවන තත්ත්වය බොහෝ භයානක වියහැකි බව ජගත් සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් සදහන් කරනවා.

ඇමෙරිකාව චීනය හා රුසියාව වැනි ලොව බලවත් රටවල් වසංගතයට සාර්ථකව මුහුණ දීම පසෙකලා එකිනෙකා හා ගැටුම් ඇති කර ගැනීමට යුහුසුළු වීම තුළින් ඇතිවන අවසාන ප්‍රතිඵලය මානව වර්ගයාට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවයි මහලේකම්වරයා තවදුරටත් සදහන් කරන්නේ.

ගෝලීය වශයෙන් අඩු සූදානම සහයෝගීතාවය මදකම හා එක්ව කටයුතු නොකිරීම හේතුවෙන් මේ වන විට කොරෝනා මරණ මිලියනයකට ආසන්න වී ඇති බව ඔහු පවසනවා. එහෙයින් එක්ව පොදු සතුරාට මුහුණ දීම සෑම මනුෂ්‍යයෙකුගේම වගකීම බවයි ජගත් මහලේකම්වරයා මාධ්‍ය හමුවේ පවසා සිටියේ.

මේ අතර චීනය විසින් අත්හදාබලන කොරෝනා වෛරසයට එරෙහි එන්නත ඉදිරියේදී බ්‍රසීලය චිලී රාජ්‍ය ඇතුළු දකුණු ඇමෙරිකානු රටවල් වෙත බෙදා හරින බව චීන බලධාරීන් සදහන් කරනවා. බ්‍රසීලය මේ වන විටත් බ්‍රිතාන්‍යය විසින් අත්හදා බැලෙන එන්නත පරික්ෂණ කටයුතු  සදහා යොදා ගනු ලබනවා.

කෙසේ වුවද මේ වන විටත් ලොව පුරා රටවල් රැසකදී එන්නත් 120 කට ආසන්න සංඛ්‍යාවක් වෛරසයට එරෙහිව අත්හදා බැලෙන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

 

The post කාලගුණික විපර්යාස මෙන් කොවිඩ් ගැන ලෝකය සිතන්නේනම් මම එයට බිය වෙමි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG