රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ පෙත්සම් 18 ක් ගොණු කර තිබෙනවා. එම පෙත්සම් ලබන 29 වනදා සළකා බැලීමට නියමිතයි.
ඒ සදහා අගවිනිසුරුවරයා විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් අද (25) නම් කරනු ලැබුවා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘෘ, ප්‍රියන්ත ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන මහත්වරුන් එම විනිසුරු මඩුල්ලටය ඇතුළත්.
ඊයේ (24) සහ පෙරේදා (23) දෙදින තුළ විසිවන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් 12 ක් ගොනු කෙරුණා. අද (25) දිනයේ තවත් පෙත්සම් හයක් ගොනු කෙරුණු බවයි අප අධිකරණ වාර්තාකරු සදහන් කළේ. තරුණ නීතිඥ සංගමය ද, පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ ආචාර්ය අජන්තා පෙරේරා ඇතුළු පිරිසක් ද අද පෙත්සම් ගොනු කළා.
එමෙන්ම ලංකා වෙළද කාර්මික හා පොදු සේවක සංගමයේ ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි ලංකා ගුරු සංගමයේ නියෝජිතයින් වන ටී.ඩී.ඩී.විජේගුණවර්ධන සහ ජී.කේ.ආර්.පෙරේරා යන අය අද (25) පෙත්සම් ගොනුකළ පාර්ශවවලට ඇතුළත්.
The post 20ට එරෙහිව පෙත්සම් 18යි appeared first on ITN News.
Post a Comment