අබුඩාබි හා දෝහා කටාර් සිට පුද්ගලයන් 17 දෙනෙකු අද (29) පෙරවරුවේ දිවයිනට පැමිණියා. මෙම පිරිස නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමටයි ආරක්‍ෂක අංශ කටයුතු කළේ.
මේ අතර නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 927 දෙනෙකු නිවෙස් බලා පිටව ගියා. පී සී ආර් පරික්‍ෂණ 7870 ක් ඊයේ (28) දිනය තුළ සිදු කළ බවත් ඒ අනුව මෙරටදී සිදුකර ඇති පී සී ආර් පරික්‍ෂණ සංඛ්‍යාව 477156 ක් බවත් කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
The post අබුඩාබි හා දෝහා කටාර් සිට පුද්ගලයන් 17 දෙනෙකු දිවයිනට appeared first on ITN News.
Post a Comment