Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ නිරත ධීවර පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීමට වැඩසටහන් රැසක්  

Add comments

මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ  නිරත ධීවර පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීමට රජය වැඩසටහන කිහිපයක් ක්‍රියාවට නංවා තිබෙනවා.

මෙරට විශාල ජලාශ ආශ්‍රිතව මිරිදිය ධීවර කර්මාන්තය සාර්ථකව සිදු කෙරෙමින් පවතිනවා. ඊට ධීවර පවුල් දහස් ගණනක් සම්බන්ධව සිටින අතර ඔවුන්ගේ මෙන්ම එම කර්මාන්තයට සම්බන්ධ පවුල්වල  ජීවන තත්ත්වය නගා සිටුවීම රජයේ අරමුණයි. මත්ස්‍ය සම්පත වැඩි වශයෙන් නෙලා ගැනීමට ධීවරයින්ට ඉඩ කඩ සළසා දෙමින් ජලාශවලට පැටවුන් මුදා හැරීම ධීවර සමිති හරහා ණය ආධාර මෙන්ම දැල් ආම්පන්න ලබාදීම මෙන්ම ධීවර සමිති ශක්තිමත් කිරීම මෙම වැඩපිලිවෙලට ඇතුලත්.

පුත්තලම, අනුරාධපුර,  කුරුණෑගල,  පොලොන්නරුව,  වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය හා අම්පාර ආදී ප්‍රදේශවල ජලාශ්‍ර  ආශ්‍රිතව මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සාර්ථකව මේ දිනවල ක්‍රියාත්මක අයුරු දැක ගත හැකියි.

 

 

 

 

 

 

 

 

 

 

The post මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ නිරත ධීවර පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීමට වැඩසටහන් රැසක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG