ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සිදු වූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක ඇට වූ බෝම්බයක් පුපුරුවා හැර ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධියෙන් 14 දෙනෙකු තුවාල ලැබුවා. පිපිරීම හේතුවෙන් අවට ගොඩනැගිලි රැසකට හානි සිදු ව තිබෙනවා. පසුගිය අගහරුවා දිනයේද ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර කෝස්ට් ප්‍රාන්තයේ විශේෂ පොලිස් බලකා මූලස්ථානය ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. ඉන් අනතුරුව සිදු වූ වෙඩි හුවමාරුව අතරතුර පොලීස් නිලධාරින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් 25 දෙනෙකු තුවාල ලැබුවා.
The post කාබුල් අගනුවර බෝම්බ පිපිරීමකින් 3 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment