වියට්නාමයට බලපා ඇති මොලව් චන්ඩ මාරුතය හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් 26 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
අතුරුදන් වූ 26 දෙනා ධීවරයන් බවයි වාර්තා වන්නේ. ඔවුන් බේරා ගැනීම සඳහා මේ වන විටත් වියට්නාම නාවික හමුදාව කටයුතු කරමින් සිටිනවා. ඒ සදහා නාවික යාත්‍රා දෙකක් පිටත් කර හැර ඇති බවයි වාර්තා වන්නේ. පැයට කිලෝමීටර් 135 ක වේගයෙන් සුළං හැමීම සිදුවන අතර අධික වර්ෂාවක්ද හටගෙන තිබෙනවා.
සහන කටයුතු වෙනුවෙන් හමුදා නිලධාරීන් දෙලක්ෂ පනස් දහසක් පිටත් කර හැර ඇති බවයි වාර්තා වන්නේ.වියට්නාමයට මෙම වසරේ හමා ආ 09 වන චන්ඩ මාරුතය ද මෙයයි.
The post වියට්නාමයට බලපා ඇති ‘මොලව්’ චන්ඩ මාරුතයෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment