Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඔක්ෂිජන් කාන්දුව සෙවීමට රාත්‍රිය පුරා මෙහෙයුම්  

Add comments

ජාත්‍යන්තර අභ්‍යවකාශ  මධ්‍යස්ථානයේ සිදුව ඇති ඔක්ෂිජන් කාන්දුව පිළිබද සොයා බැලීම සදහා ගගණගාමීන් රාත්‍රිය පුරා මෙහෙයුම් සිදු කරන බව වාර්තා වනවා.

එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් සති කිහිපයක්ම ඔක්ෂිජන් කාන්දුවේ මූලාරම්භය සොයමින් සිටි නමුත් පසුගිය සදුදා දිනයේ වායු කාන්දු වීමේ ප්‍රමාණය වර්ධනය වීමත් සමඟ සෝදිසි මෙහෙයුම් වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. ඔක්ෂිජන් පිටවන ප්‍රදේශය නිශ්චය කරගැනීම සදහා වැඩිදුර විශ්ලේෂණයක් අවශ්‍ය බව නාසා ආයතනය පවසනවා. කාන්දුවීමෙන් කාර්ය මණ්ඩලයට ක්ෂණික අනතුරක් නොමැති බවත් ඔවුන්ගේ අඛණ්ඩ දෛනික කටයුතුවල සුළු පසුබෑමක් පමණක් සිදුව ඇති බවත් නාසා ආයතනය දැනුම් දෙනවා.

The post ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඔක්ෂිජන් කාන්දුව සෙවීමට රාත්‍රිය පුරා මෙහෙයුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG