මෙරට මාර්ග සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව දායකත්වය ලබාදීමට ඉදිරිපත්ව සිටිනවා.
මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන මෙන්ම අනෙකුත් මාර්ග සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වනවිට ක්‍රියාත්මකයි. ග්‍රාමීය පාලම් පන්දහසක් ඉදිකිරීමද සිදු කෙරෙන්නේ මෙම සංවර්ධන වැඩපිළිවෙළේ තවත් අදියරක් යටතේයි. මෙම කාර්යයන්ට රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව පූර්ණ දායකත්වය ලබාදීමට ඉදිරිපත්ව සිටින අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද පැවැත්වුණේ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙරට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම මාර්ග කඩිනමින් සංවර්ධනය කිරීම රජයේ සැලසුමයි.
The post මාර්ග සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ දායකත්වය appeared first on ITN News.
Post a Comment