මොණරාගල ජාතික ගෙවතුවගා වැඩසටහන ආරම්භ කිරිම හා ව්‍යාපාර සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම ෂෙහාන් සේමසිංහ, ශෂින්ද්‍ර රාජපක්ෂ යන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ප්‍රතිලාභීන් වෙත ගෙවතු වගා කට්ටල ආදිය ප්‍රදානයට ද පියවර ගැනුණා. රටට අවශ්‍ය බීජ රටතුළම නිශ්පාදනය කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීම අරමුණ බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
රජයේ සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහන තවදුරටත් සාර්ථකව ක්‍රියාත්මක වනවා.
තමන්ට අවශ්‍ය එළවළු පළතුරු ආදිය තම ගෙවත්තෙන්ම සපයා ගැනීම සදහා ජනතාව යොමු කිරීමේ අරමුණෙනුයි සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහන ආරම්භ කෙරුණේ. කොරෝනා ව්‍යසනයත් සමග නිවාසවලට කොටුවී සිටින ජනතාවට විශේෂයෙන් තම ගෙවත්ත වගා කිරීම සදහා යොමු කරවීමද මෙහි අරමුණයි. සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහන වව්නියාව අච්චිපුරම් සමනම්කුලම ප්‍රදේශයේ ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කේ දිලීපන් සහ දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුලසේන යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන්.
The post සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහන යටතේ රටට අවශ්‍ය බීජ රටතුළම නිශ්පාදනය කිරීමේ වැඩසටහනක් appeared first on ITN News.
Post a Comment