නිරෝධායන ඇදිරිනීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් වෙත ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කෙරුණා.
බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මූලිකත්වයෙනුයි මෙම ආහාර ද්‍රව්‍ය ප්‍රදානය කෙරුණේ. ප්‍රජා පොලිස් ඒකකවල මැදිහත් වීමෙන් මෙය සංවිධාන කෙරුණා. ආරම්භක වැඩසටහන පැවැත්වුණේ මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේදීයි. රුපියල් 2500 ක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය සහ එළවළු පාර්සල් මෙහිදී බෙදා හැරුණා. ඔරෙල් කෝපරේෂන් ආයතනය ඒ සදහා දායකත්වය සැපයුවා. කොරෝනා මෙන්ම අපරාධ මර්දන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක බව දේශබන්දු තෙන්නකෝන් මහතා මෙහිදී පැවසුවා.
The post ඇඳීරිනීතිය නිසා ජීවනෝපාය අහිමිවූ ගම්පහ පවුල් වෙත ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩපිලිවෙලක් appeared first on ITN News.
Post a Comment