Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කමිටු නිර්දේශ පාර්ලිමේන්තුවට ගෙනා ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතේ නැහැ  

Add comments

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සකස් කිරීම සදහා පත්කළ කමිටුව සිය වාර්තාව මගින් යෝජනා කළ ඇතැම් වැදගත් නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවසන් කෙටුම්පතෙහි අන්තර්ගතවී නැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.

අජිත් – ‘‘ස්වාමීනී, ත‍්‍රස්තවාදී ගැටලූවල දී ක‍්‍රියාත්මක වීම සඳහා 1979 අංක 48 දරණ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත ප‍්‍රමාණවත් නැහැ කියලා 2016 වසරෙ තිබුණු ආණ්ඩුවට වැටහුණා. මොකද 1979 වෙද්දි යාපනය ආශ‍්‍රිතව තිබුණු ත‍්‍රස්තවාදී ගැටලූ නෙමෙයි දැන් තියෙන්නේ. ඒ නිසා ත‍්‍රස්තවාදය සහ විමර්ශන ගැන ලෝකයේ වර්තමානයේ පවතින ක‍්‍රමවේදයන්ට අනුරූපව ප‍්‍රතිත‍්‍රස්ත පනතක් ගෙන ඒම සඳහා එවකට සිටි අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළා. නීතිය හා සාමය විෂයභාර හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ඇතුළු දොළොස් දෙනෙකු මෙහි සාමාජිකයින් වුණා. ඒ වෙනකොට අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු වූ වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පළමුව සංකල්ප පත‍්‍රයක් දැම්මා. පස්සෙ ඒ කමිටුව 27 පාරකට වඩා රැස්වෙලා වැදගත් නෛතික කාරණා මතුකර වගන්ති එක්කරමින් හා ඉවත් කරමින් කෙටුම්පත් යෝජනාවක් සකස් කළා. ස්වාමීනී, සහරාන් කොහොමද ත‍්‍රස්තවාදී කටයුතු කළේ? අනික් අය එක්ක සම්බන්ධතා පැවැත්වූවේ කොහොමද කියන එක මේ වෙද්දි අනාවරණය වෙලා ඇති. ඉස්සර ප‍්‍රභාකරන් කැලේ ඇතුළෙ සංවිධාන වුණාට සහරාන් එහෙම සංවිධාන වුණේ නැහැ. ප‍්‍රතිත‍්‍රස්ත පනත් කෙටුපතට අපි ඔත්තු බැලීම කියන නිර්ණායකය යටතේ වරදක් ඇතුළත් කළා. නමුත් අවසානෙ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණ කෙටුම්පතේ ඒ්ක අන්තර්ගත වුණේ නැහැ.

 

The post කමිටු නිර්දේශ පාර්ලිමේන්තුවට ගෙනා ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතේ නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG