Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකා ජනාධිපතිවරණ දිනයේ ඡන්ද ප්‍රකාශ කිරීම ඇරඹෙයි  

Add comments

ඇමෙරිකා ජනාධිපතිවරණ දිනයේ ඡන්ද ප්‍රකාශ කිරීම අද ආරම්භ වුණා. මිලියන සියයකට ආසන්න ජනතාවක් පසුගිය දිනවලදී විවිධ ක්‍රම ඔස්සේ ඡන්දය ප්‍රකාශ කර අවසන්.

ඉදිරි වසර හතරක කාලය සදහා ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම මෙම ජනාධිපතිවරණයේදී සිදුවනවා. ඇමෙරිකාවේ පනස් නව වන ජනාධිපතිවරණයයි මෙවර පැවැත්වෙන්නේ. නිව් හැම්ප්ෂර්ය ප්‍රාන්තයේ ඩික්ස්විල් නොච් ගම්මානයේ වැසියන් ජනාධිපතිවරණයට අදාළව ප්‍රථමයෙන්ම ඡන්දය ප්‍රකාශ කළා. එහි වාසය කරනුයේ  වැසියන් පස් දෙනෙකු පමණයි. මධ්‍යම රාත්‍රිය පසුවී සුළු මොහොතකින් ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භ වූ අතර අදාළ ඡන්ද දායකයින් පස් දෙනා ඡන්දය ප්‍රකාශය කිරීමෙන් අනතුරුව ඡන්දපොළ වසා දැමුණා. ඇමෙරිකා, කැනඩා දේශ සීමා ආසන්නයේ පිහිටා ඇති මෙම ගම්මානයේ වැසියන් වසර හැටක කාලයක් පුරා ඇමෙරිකානු මැතිවරණවලදී ප්‍රථමයෙන් ඡන්දය භාවිතා කිරීමේ භාග්‍ය හිමි කරගෙන තිබෙනවා.  ගම්වැසියන්ගේ රාජකාරී කටයුතු වලට බාධා වීම වැලැක්වීමට මධ්‍යම රාත්‍රියේ ඡන්ද විමසීම පැවැත්වෙන බවයි බලධාරීන් සදහන් කරන්නේ.

 

 

The post ඇමෙරිකා ජනාධිපතිවරණ දිනයේ ඡන්ද ප්‍රකාශ කිරීම ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG