කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීමත් සමග ලෝක නායකයන් දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හ්නොම් පවසනවා.
මේ වන විට යුරෝපය හා උතුරු ඇමෙරිකා කලාපයේ වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් එම රටවල නායකයන් දැඩි අවධානය යොමු කළ යුතු බවයි ටෙඩ්රෝස් අවධාරණය කරන්නේ. නිසි වේලාවේදී තීරණ ගැනීමට සෑම නායකයෙකුම පියවර ගත යුතු බව ද ඔහු පෙන්වා දෙනවා. යුරෝපා කලාපයේ රටවල් මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණපා සිටින අතර දිනයක් පාසා අලුත්වන නිරෝධායන නීති හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. ඒ හේතුවෙන් වෛරසය මැඩපවත්වා එම ජනතාවගේ ජීවිත යහපත් මට්ටමකට ගොඩනැගීමට රාජ්‍ය නායකයන් කැපවිය යුතු බව ද ඔහු තවදුරටත් පෙන්වා දෙනවා. වෛරස ආසාදිතයෙකු ඇසුරු කිරීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඊයේ දිනයේදී ස්වයං නිරෝධායනයට යොමු කෙරුණු අතර එම සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ කිසිවෙකුටත් වෛරසය වැළදී ඇති බවට මේ වන තෙක් තහවුරු වී නැහැ.
The post කොරෝනා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීමත් සමඟ ලෝක නායකයන් දැඩි අර්බුදයක appeared first on ITN News.
Post a Comment