Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇපල්වත්ත නිවාස සංකීර්ණ ව්‍යාපෘතියේ 2 වන අදියර ඇරඹෙයි  

Add comments

මාලිගාවත්ත ඇපල්වත්ත නිවාස සංකීර්ණ ව්‍යාපෘතියේ 2 වන අදියරේ ඉදිකිරීම් කටයුතු අද ආරම්භ කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදියි.

නිවාස ඒකක 700 ක් මෙම මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීමට නියමිතයි. එක් නිවසක් වර්ග අඩි 550 ක් වන සේ සකස් කෙරෙනවා. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන හාරදහසක් බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සදහන් කළේ. වසර දෙකහමාරක් ඇතුළත නිවාස ඉදිකර ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ සමයේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. කොළඹ නගරය තුළ සිටින සියලුම පැල්වත්වාසීන්ට වත්මන් රජය යටතේ නිවාස ලබා දීම සදහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සදහන් කළා.

 

 

 

The post ඇපල්වත්ත නිවාස සංකීර්ණ ව්‍යාපෘතියේ 2 වන අදියර ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG