ගුවන් හමුදා ඉතිහාසයේ 18 වන ගුවන් හමුදාපතිවරයාවන එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ඊයේ (03) සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේ ය.
ගුවන් හමුදා මූලස්ථානයේදී ඊයේ උදෑසන යෙදුණු සුබ මොහොතින් නව ගුවන් හමුදාපතිවරයා රාජකාරි ඇරඹීය.
එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා මෙරට ගුවන් හමුදා ඉතිහාසයේ කීර්තිමත් නිලධාරියෙකු වන අතර ඔහු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී විශේෂ දක්ෂතා දැක්වූ නිලධාරියෙකි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 1990 දී සුපර් සොනික් වර්ගයේ F-07 ප්‍රහාරක යානා රැගෙන ඒමේදී තෝරාගත් පළමු ගුවන් නියමුවන් 6 දෙනා අතරට ඔහු ද ඇතුළත් විය.
1995 වසරේදී කෆීර් ජෙට්යානා රැගෙන ඒමේදී එහි නියමුවෙකු ලෙස කටයුතු කළ සුදර්ශන පතිරණ මහතා පසුව කෆීර් ජෙට් බලඝනයේ අණදෙන නිලධාරියා ලෙස ද කටයුතු කළේය.
The post නව ගුවන් හමුදාපති රාජකාරි අරඹයි appeared first on ITN News.
Post a Comment