Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෛරස නාශක මයික්‍රො හා නැනෝ අංශු වලින් සමන්විත මුහුණු ආවරණයක්  

Add comments

වෛරස් නාශක මයික්‍රෝ හා නැනෝ අංශු වලින් සමන්විත මුහුණු ආවරණයක් පළමුවරට මෙරටදී නිෂ්පාදනය කර තිබෙනවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් සිදුකළ මෙම නිෂ්පාදනය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙත පරිත්‍යාග කෙරුණා.

මුහුණු ආවරණයක් මඟින් සාමාන්‍යයෙන් සිදු වන විෂබීජ අංශු වළක්වා ලීමට වඩා මෙම මුහුණු ආවරණයේ විශේෂත්වය ලෙස වෛරස නාශක පෙරණයකින් සමන්විත වීම අමාත්‍යවරයා‌ගේ විශේෂ අවධානයට ලක් විය. එමෙන්ම පෙරණයන් තුනකින් සමන්විත වන මෙම මුහුණු ආවරණය සේදුම් වාර 20ක් දක්වා භාවිතා කළ හැකි වීමත් මාසයක කාලයක් කිසිඳු සේදීමකින් තොරව භාවිතා කළ හැකි වීමත් විශේෂ ලක්ෂණයන් ලෙස පෙන්වා දෙන ලදී. වෛරස අංශු වෙන් කරවා එය කිසිඳු ආකාරයකින් ශරීරගත වීමකට ඉඩ නොතබමින් වෛරසය විනාශ කිරීම මෙමඟින් සිදු වන අතර මුහුණු ආවරණ නිපදවීම සඳහා භාවිතා කරන රෙදි වර්ග සඳහා ද සෞඛ්‍ය ආරක්ෂක ඇඳුම් වල කොලරය, අත් දෙකෙහි මැණික් කටුව ආශ්‍රිත ආවරණ සඳහා ද මෙම තාක්ෂණය යොදාගත හැකි ආකාරය ද මෙහිදී පෙන්වා දෙන ලදී. එමෙන්ම වායු සමීකරණ යන්ත්‍ර සඳහා පෙරණයක් වශයෙන් යෙදිය හැකි මෙම වෛරස් නාශකය පිළිබඳව පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම විසින් පෙන්වා දුන් කරුණු අනුව මෙම නිෂ්පාදනය දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොල සඳහා අපනයනය කිරීමේ ධාරිතාවයක් දක්වා වැඩිදියුණු කළ යුතු ක්‍රමවේද පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාව සඳහා එම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා සහ කණ්ඩායම් සාමාජිකයින් වන වෛද්‍ය චමින්ද හේරත් මහතා, ගයාන් තිලකරත්න මහතා සහ රුවන් නානායක්කාර මහතා ද දේශීය ඇඟළුම් සංසදයේ සභාපති හේමන්ත කුමාර මහතා ද සහභාගී වී සිටියහ.

The post වෛරස නාශක මයික්‍රො හා නැනෝ අංශු වලින් සමන්විත මුහුණු ආවරණයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG