Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ බිරිඳගේ ගුණසැමරුම වෙනුවෙන් ලේ දන්දීමේ පිංකමක්  

Add comments

ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ බිරිද වූ දෝන දන්දින්නා සමරසිංහ මාතාවගේ ගුණසැමරුම් උළෙලේ එක් අංගයක් ලෙස ලේ දන්දීමේ පිංකමක් ඇඹිලිපිටිය මහවැලි ශ්‍රවනාගාරයේදී පැවැත්වුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ දරුවන්ගේ මාතාව වන දන්දින්නා සමරසිංහ මහත්මියගෙ ගුණසමරමින් උත්තම මාතා ගුණ සමරු පූජා වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනවා. ඇඹිලිපිටිය නාගරික මන්ත්‍රී රුවන් පතිරණ මහතායි මෙය සංවිධාන කර තිබෙන්නේ. ඇඹිලිපිටියේදී මෙසේ ගුණසැමරුම් උත්සවය පැවැත්වෙන්නේ 04 වන වරටයි.සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව ලේ දන්දීමේ පිංකම සිදු කෙරුණා. ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සුරන්ත වීරසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

 

 

 

The post ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ බිරිඳගේ ගුණසැමරුම වෙනුවෙන් ලේ දන්දීමේ පිංකමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG