Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා රෝගයෙන් රජයත් රට වැසියාත් ආරක්‍ෂා කරදෙන්නැයි ඉල්ලා පිංකම් රැසක්  

Add comments

කෝවිඩ් වසංගතයෙන් රට වැසියාත් රජයත් ආරක්‍ෂා කර දෙන මෙන් ප්‍රාර්ථනා කරමින් රට පුරා වෙහෙර විහාරස්ථාන සහ හින්දු කෝවිල් රැසක ආගමික වතාවත් පැවැත්වුණා.

කොරෝනා උවදුරෙන් රට මුදා ගැනීමේ අරමුණින් ඓතිහාසික සෝමාවතී පුදබිමේදී රතන සූත්‍ර දේශනාව සජ්ඣායනා කෙරුණේ විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ භික්‍ෂූන්වහන්සේගේ ප්‍රධානත්වයෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා ඇතුලු දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙකු ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

නාත්තණ්ඩිය වීරහේන විද්‍යාරතන පිරිවෙන් විහාරස්ථානයේදී ද රතන සූත්‍ර සජ්ඣායනාවක් පැවැත්වුණා. ඒ විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය නිවන්දම ධම්මිස්සර ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙන්.

පිළියන්දල ශ්‍රී විද්‍යාශාන්ති විහාරස්ථානයේදී රතන සූත්‍ර සජ්ඣායනය සිදු කෙරුණේ විහාරාධිපති පූජ්‍ය වැල්ලවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන්. රතන සූත්‍ර සජ්ඣායනය සතියක් පුරා සිදු කෙරෙන බවයි විහාරාධිපති ස්වාමීන්වහන්සේ සදහන් කළේ.

කොරෝනා වසංගතයෙන් රටත් ජනතාවත් මුදා ගැනීම ප්‍රාර්ථනා කරමින් කිලිනොච්චි කන්දසාමි කෝවිලේදී ද හින්දු ආගමික වතාවත් සිදුකෙරුණා. කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එම වැඩසටහන සංවිධාන කළා.

පුලියන්තීරු ආනෙයිපන්දි සිත්තිවිනයාගර් කෝවිලේදී ද ශිව පුජාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව මෙම පූජාව පැවැත්වීමට කටයුතු කළ බවයි කෝවිලේ ප්‍රධාන පූජක ශිව ශ්‍රී කුමාරස්වාමි කුරුක්කල්තුමා සදහන් කළේ.

 

The post කොරෝනා රෝගයෙන් රජයත් රට වැසියාත් ආරක්‍ෂා කරදෙන්නැයි ඉල්ලා පිංකම් රැසක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG