පැය තුනක කාලයක් සදහා පාර්ලිමේන්තුව අද රැස් වෙනවා.
නව්‍ය කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තුව එක් දිනකට පමණක් සීමා කිරීමට පසුගියදා පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණා. ඒ අනුවයි පාර්ලිමේන්තුව අද පෙරවරු දහයට රැස් වන්නේ. කෙසේ වුවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,ආරාධිත නිලධාරීන් මෙන්ම කාර්ය මණ්ඩල සාමාජිකයන් හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු වීමට අවසර හිමි වන්නේ නැහැ. ඒ අනුව අද දිනයේ මාධ්‍යවේදීන්ට ද පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට මාධ්‍ය ආවරණ කටයුතු සිදු කිරීමට අවස්ථාව හිමි වන්නේ නැති බවයි පාර්ලිමේන්තු වර්තා සදහන් කරන්නේ. පාර්ලිමේන්තුව ලබන දොළොස්වනදා යළි රැස්වීමට නියමිතයි.
The post පාර්ලිමේන්තුව අද පැය 3කට රැස්වීමට තීරණය කෙරේ appeared first on ITN News.
Post a Comment