Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොත්මලේ ජලාශ වේල්ල මීටර් 30 කින් ඉහළ නැංවීමට සැළසුම් කෙරේ  

Add comments

කොත්මලේ ජලාශයේ වේල්ල මීටර් තිහකින් ඉහළ නැංවීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසනවා.

එමෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය කරමින් ජනතාවගේ ඉඩම් ගැටලු වලටද විසදුම් ලබාදීමට කටයුතු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

කොත්මලේ ජලාශ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා මෙම අදහස් පළකළා. ජලාශ වේල්ල මීටර් තිහකින් ඉහළ නැංවීම තුළින් දැනට පවතින ඝන මීටර් මිලියන 174 ක ජල ධාරිතාව  ඝන මීටර් මිලියන 391 දක්වා ඉහළ නැංවෙන බවයි කොත්මලේ ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසන්නේ. ජලාශය මගින් මේ වනවිට නිපදවන විදුලි ධාරිතාව මෙගාවොට් දෙසීය දහයක්. වේල්ල එසවීමෙන් පසුව එය මෙගා වොට් දෙසීය හතලිහක් දක්වා ඉහළ යනු ඇති. මේ වනවිට එම ජලාශයේ වේල්ල දිගින් මීටර් හයසීයක් වන අතර එහි උස මීටර් අසූ හතක්.

 

 

 

The post කොත්මලේ ජලාශ වේල්ල මීටර් 30 කින් ඉහළ නැංවීමට සැළසුම් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG