Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බස්නාහිර පළාතේ වසා දමා ඇති සියලුම ආර්ථික මධ්‍යස්ථාන හෙට සිට යළි විවෘත කෙරේ  

Add comments

බස්නාහිර පළාතේ වසා දමා ඇති සියලුම ආර්ථික මධ්‍යස්ථාන හෙට සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. දිවයින පුරා පොලිස් වසම් 114 ක නිරෝධායන ඇදිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

බස්නාහිර පළාත තුළ නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක වුව ද තොග වෙළෙදාම සදහා පමණක් එම පළාතේ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ අනුව රත්මලාන, නාරාහේන්පිට හා බෝකුන්දර යන ආර්ථික මධ්‍යස්ථානවල සේවකයන් අද දිනයේ පී සී ආර් පරික්‍ෂණවලට යොමු කෙරෙනවා. ඇදිරිනීතිය පැවතිය ද ජනතාව අපහසුතාවට පත්වීම අවම කරමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. එමෙන්ම එක් ආයතනයකට වාහන 15 ක් සදහා බලපත්‍ර නිකුත් කර සුපිරි වෙළෙද සංකීර්ණ ද විවෘත කරමින් භාණ්ඩ බෙදා හැරීමට තීරණය කෙරුණා.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් මේ වන විට හුදෙකලා කර තිබෙනවා. එමෙන්ම දිවයිනේම පොලිස් වසම් 114 ක නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල දිස්ත්‍රික්ක අතර ගමනාගමනය ද දැඩි ලෙස සීමා කර තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ සිට කොළඹ දිස්ත්‍රික්කයට ඇතුළු වන වත්තල හේකිත්ත කදිරාන පාලම අසල දී පොලිසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය නිරන්තර සෝදිසි කිරීම් සිදු කරනවා. අත්‍යවශ්‍ය සේවාවන් හැරුණුකො‌ට අනෙකුත් කටයුතු සදහා ගමන් කරන වාහන හරවා යැවීමටයි පියවර ගෙන තිබෙන්නේ.

The post බස්නාහිර පළාතේ වසා දමා ඇති සියලුම ආර්ථික මධ්‍යස්ථාන හෙට සිට යළි විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG