Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනාවෙන් රට වැසියා බේරාගන්න ස්වාධීන රූපවාහිනී එක මගේ රටෙන් තවත් වැඩක්  

Add comments

කොරෝනා වෛරසයෙන් ජාතිය බේරා ගැනීම සදහා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තවත් තීරණාත්මක ව්‍යාපෘතියක් ආරම්භ කළා.

කොරෝනා දෙවන රැල්ලෙන් දහස් ගණනක් දෙනා රෝගාතුර වෙමින් පවත්නා මොහොතක ඊට මුහුණ දීම සදහා නව නිපැයුම්කරුවන්ගේ දායකත්වය ලබා ගැනීමේ වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මකයි. ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශය හා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම එක්වයි මෙය ක්‍රියාත්මක කරන්නේ.

කොරෝනාවලට මුහුණ දිය හැකි නව නිපැයුම් මෙන්ම ප්‍රතිකාර හා ආරක්‍ෂක සේවාවන් හි නිරත බොහෝ දෙනාගේ පහසුව වෙනුවෙන් සිදුකෙරෙන මෙම නව නිෂ්පාදන පිළිබද රටට හදුන්වා දීම මේ අනුව සිදුවනවා. එක මගේ රට වැඩසටහන තුළින් මෙසේ නව නිෂ්පාදකයන්ට දිරිදීම අරමුණයි.

මේ වෙනුවෙන් ක්‍රියාත්මක slic.gov.lk/itnsliccovid වෙබ් අඩවියට පිවිසීමෙන් අවශ්‍ය විස්තර ලබාගත හැකියි.

 

 

 

The post කොරෝනාවෙන් රට වැසියා බේරාගන්න ස්වාධීන රූපවාහිනී එක මගේ රටෙන් තවත් වැඩක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG